28 C
Colombo

රියැදුරු බලපත්‍ර කාඩ් පත් නිකුත් කිරීම ළඟදීම යළි ඇරඹේ

Published:

රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ මහතා සඳහන් කළේ ලබන සතියේ ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට කාඩ්පත් ලක්ෂ 5ක් රැගෙන එන බවයි.

මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිත බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඔවුන්ට මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහෙත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙන බවයි.

Related articles

Recent articles