25 C
Colombo

රිය අනතුරකින් යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු මරුට

Published:

වැලිකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කපිතාන් දේවින්ද වුඩ්වර්ඩ් මහතායි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ අද (22දා) අලුයම 5.30 ට පමණ කපිතාන්වරයා ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලයේ සිට මාදුරුඔය විශේෂ බළකා පුහුණු කඳවුර වෙත යමින් සිටියදී ජීප් රථය ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් මියගිය කපිතාන්වරයා මාතලේ මිල්ලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 27කි.

Related articles

Recent articles