යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හෙළාදැක තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 143ක සහාය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.