27.2 C
Colombo

ලොව ප්‍රකට හැරී පෝටර් චිත්‍රපටයේ හැග්‍රිඩ් ලෙස රංගනයෙන් දායක වූ රංගන ශිල්පියා ජීවිතයෙන් සමුගනී

Published:

ලෝක ප්‍රසිද්ධ හැරී පෝටර් චිත්‍රපටයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් චරිතයක් වන ‘හැග්‍රිඩ්’ චරිතය සඳහා රංගනයෙන් දායක වූ රොබී කෝල්ට්රේන් ඊයේ (14) ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

ස්කෝට්ලන්ත ජාතිකයෙකු වන රොබී කෝල්ට්රේන් මිය යන විට 72 වෙනි වියේ පසුවුණා.

ඔහු සම්මාන රැසකින් පිදුම් ලද දක්ෂ රංගන ශිල්පියෙකු ද වනවා.

රොබීගේ මරණය සම්බන්ධයෙන් හැරී පෝටර් චිත්‍රපටයේ රංගන ශිල්පීන්, හැරී පෝටර් කෘතියේ ලේඛිකාව වන ජේ.කේ රොව්ලින් සහ ලෝකය පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

Related articles

Recent articles