24 C
Colombo

වරකාපොල ඛේදවාචකය : මව සහ පුතාගේ සිරුරු සොයා ගැනේ

Published:

ඊයේ (14) වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරක් සිදුවුණා.

එහිදී එම නිවසේ සිටි පිය, මව සහ පුත්‍රයා එම පස් කන්දට යට වූ අතර අපදාවට පත් පිරිස ගලවා ගැනීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වුණා. එහිදී තුවාල ලබා සිටි පියාව මුදා ගැනීමට හැකිවූ අතර ඔහුව රෝහල් ගත කර තිබෙනවා.

අද (15) උදෑසන දක්වා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර එහිදී මව සහ පුතාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණා.

නිවසේ තවත් දරුවෙකු සිට තිබෙන අතර එම දරුවා ශිෂ්‍යත්ව පංතියක් සඳහා ගොස් සිටි බැවින් මෙම අනතුරට පත්ව තිබුණේ නැහැ.

Related articles

Recent articles