විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ කමිටු යෝජනාව තමන් අතට ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අදාළ යෝජනාව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, නොවැම්බර් මාසයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කළා.
