ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුවද අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට හකිවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.
ඒ අනුව අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව ඉතිරිව ඇති බවයි තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එකේවෙමින් ඔහු සඳහන් කළේ.
මාකස් ස්ටොයිනිස් හොඳින් ක්‍රීඩා කළ අතර ස්ටොයිනිස් පැමිණ පන්දුවට පහර දුන් ආකාරය සුවිශේෂි බවත් ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩිකර ගැනීමට අපට දැඩි ලෙස පහර දිය යුතු වූ බවද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහීව ඉදිරියට යාමට හැකි බවට විශ්වාස කරන අතර ශ්‍රී කණ්ඩායම තුළ ඇති හැකියාවන් සහ කුසලතා පෙන්වාදී ඇති බවත් අද සිට වැදගත් වන්නේ නැවත සියලු දෙනා එකතු වී ඊළඟ තරගයට සූදානම් වීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.