රුපියල් මිලියන 11කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් මහජනතාවට තෑගිබෝග ලබාදී මුදල් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් 11,627,175ක් ලබාගෙන බැංකු ගිණුම් කිහිපයකට තැන්පත් කර ඇති බව වාර්තා වේ.
අංගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.