27 C
Colombo

සා/පෙළ ප්‍රතිඵල නොවැම්බර් මස අවසන් වීමට පෙර

Published:

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2022 නොවැම්බර් මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

වෛද්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන් ගැටලුවලට මුහුණ පා සිටින බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය සලකා බලා අදාළ පාසල්වල විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද හැඳුනුම්පත පිළිගන්නා බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත්, විභාගයට පෙනී සිටින කිසිදු සිසුවෙකුගේ අනන්‍යතාව නැවත තහවුරු කිරීමට හේතුවක් නොමැති බවත් ඔහු පැවසීය.

Related articles

Recent articles