ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රධාන මාර්ගවලට අමතරව අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.