මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කර තිබේ.
ඒ අනුව මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය සමඟ කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය වන අතර මෙම බලාගාරය මගින් වාර්ෂිකව ගිගා වොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.