2023 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව අද සිට ලබන 21 වනදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින තුළ පැවැත්වේ.