29.7 C
Colombo

21 හැවිරිදි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

Published:

නැදුන්කේනි, ශිව නගර් ප්‍රදේශයේ සිය නිවස තුළදී 21 හැවිරිදි කාන්තාවක් ඊයේ (18) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇත.

පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාව සිය නිවසේ පිටුපස දොර විවෘත කරමිදුලට පැමිණි අවස්තාවේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

නිවස ආසන්නයේ සැඟවී සිටි කිසිවකු ඇයට වෙඩි තබා පලාගොස් ඇති බවට සැක කරන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඝාතනයට අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නෙඩුන්කේනි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles