ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.