හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දෙසැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මෙලෙස කරුණු දක්වන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන්නේ.
දුමින්ද සිල්වාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.