අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන්ට දීර්ඝකාලීන මානසික ව්‍යාකූලතා ඇතිවන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පවසනවා.
ඒ අනුව මේවා භාවිතයට ඇබ්බැහිවූවන්ගේ බුද්ධි මට්ටම අඩුවී විවිධ වූ මානසික ව්‍යාකූලතා වර්ධනය වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
පාසල් සිසුන් හා තරුණ පරපුර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු කර ගැනීම සංවිධානාත්මකව සිදුවන බවත් මෙය ශ්‍රී ලංකාව තුළ විශාල ගැටලුවක් ඇතිවී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
පාසල් දරුවන් පිළිබඳ අවදානය දෙමව්පියන්ගෙන් ගිලිහීම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට රුකුලක් වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් සඳහන් කළේ.