29 C
Colombo

ආර්ජන්ටිනාව අද ලෝක කුසලාන තරග බිම⁣ට

Published:

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද (22) පැවැත්වීමට නියමිතයි.
ආර්ජන්ටිනාව සහ සෞදි අරාබිය පළමු තරගයට එක්වෙයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.

දෙවැනි තරගය ටියුනීසියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙන අතර තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

මෙක්සිකෝව සහ පෝලන්තය අද තුන්වන තරගයට එක්වනු ඇති.

ඒ, මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ටයි.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ”චැම්පියන්ස් නෙට්වර්ක්” සූදානම් ය.

ඒ අනුව ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාලිකාව වන TV1, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාව ලෙස කටයුතු කරනු ඇති.

තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Related articles

Recent articles