ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව පිටව යන ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලිංගික අපචාර චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුගිය 17 වනදා ඔහු ඇපමත මුදා හැරීමට සිඩ්නි අධිකරණය විසින් නියෝග කර තිබුණා.
එහිදී ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා දී තිබූ අතර ඔහුට තවත් ඇප කොන්දේසි කිහිපයක් ද පනවා තිබුණා.
ලිංගික අපචාර මත තරුණියක් යොමු කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 06 වැනිදා සිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කළා.



