27 C
Colombo

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 48 එකට ගැටේ

Published:

ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක් සිදු වීමෙන් වාහන 48 කට අලාභානි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නවාලේ පාලම අසලදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

රිය අනතුර සිදුවීමෙන් පසුව ට්‍රක් රථයේ තෙල් කාන්දු වීමෙන් මාර්ගය ලිස්සනසුළු වීම හේතුවෙන් තවත් මෝටර් රථ අනතුරට ලක්ව තිබේ. රිය අනතුර හේතුවෙන් කිලෝ මීටර 2 කට වඩා අධික වාහන තදබදයක් ඇති වී ඇත.

10 ත් 15 ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් අනතුරෙන් සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ට එම ස්ථානයේම ප්‍රථමාධාර දී ඇති අතර තවත් 8 දෙනෙක් පමණ ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට වලට රැගෙන ගිය බව ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.

Related articles

Recent articles