25.7 C
Colombo

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයින්ගෙන් ඉල්ලීම්

Published:

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමත් සමඟ තම ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සලාක ක‍්‍රමය හරහා ලැබෙන භූමිතෙල් ප‍්‍රමාණය තම රැකියාව කිරීමට ප‍්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තංගල්ල සහ ඔරුවැල්ල ධීවර තොටුපළ කේන්ද්‍ර කරගනිමින් ධීවර බෝට්ටු සහ එක්දින යාත්‍රා 100ක් පමණ ධීවර කටයුතුවල නිරත වේ.

මෙයින් යැපෙන ධීවර පවුල් සංඛ්‍යාව 500 ඉක්මවයි.

ඉන්ධන අර්බුදය මධ්‍යයේ ධීවරයෝ ගැටලු රැසකට මුහුණ පා සිටි.

Related articles

Recent articles