30 C
Colombo

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Published:

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රිය පිළිමතලාව සහ පේරාදෙණිය අතර අද (17) අලුයම පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රියේ එංජිම පීලිපැනීමට ලක්ව ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related articles

Recent articles