ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ 73.7% ක් වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 70.6% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම සැප්තැම්බර් මාසයේ 85.8% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 80.9%ක් දක්වා පහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ වාර්තාව පහතින්,
