27 C
Colombo

එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් ඇතුළු 05 දෙනෙකුට අධිචෝදනා

Published:

පසුගිය වසරේ මැයි මස 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එම නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිතයා විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නේ ය.

සමුද්‍ර දූෂණය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් පස්දෙනා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 8ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

අද අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස්දෙනාට අමතරව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් තිදෙනාට ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි යැවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනාට විදේශගත විම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණ.

Related articles

Recent articles