අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් දෙසැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 03 වන ලේකම් E. කුෂාන් නැමැත්තා ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.