26.6 C
Colombo

ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී තරග ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

රටේ සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවරෙහි කොටසක් ලෙසයි මෙම ප්‍රදානය ලබාදී තිබෙනවා.

පසුගිය ජූනි හා ජූලි මාසවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයේ නිරත වූ අතර, එහිදී දෙරට අතර T20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් පැවැත් වුණා.

Related articles

Recent articles