Home News ක්‍රිකට් තරු 03ක් යුග දිවියට

ක්‍රිකට් තරු 03ක් යුග දිවියට

ක්‍රිකට් තරු 03ක් යුග දිවියට

0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද(28) මංගල සීනු හැඬවුණු සුවිශේෂි දිනයකි.

ඒ, කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු විවාහ දිවියට පිවිසීම හේතුවෙනි.

එලෙස විවාහ දිවියට පිවිසුණේ වෙන කවුරුත් නොව, මුළු රටක් ආදරය කරන පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි.

පැතුම්, කසුන් සහ චරිත්ගේ මංගල උත්සව අද (28) පැවැත්වුවත් ඔවුන් තිදෙනාම ඊයේ (27) ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

එම තරගයට වර්ෂාවෙන් බාධාවෙන අවස්ථාව වනවිට කඩුල්ලේ රැඳී සිටි පැතුම් නොදැවී ලකුණු 03ක් ලබා සිටියේය.

යුග දිවියට එළැඹි පැතුම් නිස්සංකට, කසුන් රාජිතට සහ චරිත් අසලංකට අපෙන් උණුසුම් සුබ පැතුම්!

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version