ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නා කියුං-වොන් (Na Kyung-Won) අතර හමුවක් සිදුව තිබෙනවා.
දේශගුණික විපර්යාසයන්හි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය ඇය විසින් ඇගයීමට ලක්කර ඇති අතර රටේ දැනටමත් අඩු කාබන් විමෝචන අනුපාතයක් තිබියදීත්, කාබන් විමෝචනය අඩු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දේශගුණික විපර්යාස සඳහා සාර්ථකව මුහුණදීමට නම් එම ක්ෂේත්‍රයේ ධාරිතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
