කාබුල්හි සියලුම උද්‍යාන නැරඹීම එරට කාන්තාවන්ට තහනම් කිරීමට තලේබාන් පාලනය පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උද්‍යානවලදී ඉස්ලාමීය නීති අනුගමනය නොකරන බවට පවසමින් කාන්තාවන්ට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස අගනුවර උද්‍යාන කළමනාකරනට දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
සටන්කාමී ඉස්ලාම්වාදීන් 2021 අගෝස්තු මාසයේදී බලය අල්ලාගත් පසු එරට කාන්තා අයිතිවාසිකම් සහ නිදහස දැඩි ලෙස සීමා කිරිමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.