26 C
Colombo

කිරිපිටි බහාලුම් 6 ක් රෙගුලාසි උල්ලංඝණය කර ගෙන්වා ඇති බවට අනාවරණය වෙයි

Published:

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 ක් ආනයන අපනයන රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරටට ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (29) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් විසින් චොක්ලට් හා කිරි තේ ඇතුළු නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යන් මෙලෙස ගෙන්වා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

Related articles

Recent articles