සියලුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භූමිතෙල් නිකුත් කිරීම අද (29) සිට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව ධීවරයින්ගේ භූමිතෙල් ගැටලුව විසදනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් ඉදිරි දින 3 තුළ සියලුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය නොවැම්බර් 23 වනදා සිට නොවැම්බර් 27 වනදා දක්වා දින පහක කාලය තුළ භූමිතෙල් බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර තිබෙනවා.
ප්‍රමාණවත් ඉන්ධන තොග තිබිය දී ධීවරයින්ට භුමිතෙල් හිඟයක් ඇති වූයේ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් තොරව අවශ්‍යතාවයන් පිළිබඳ සාවද්‍ය වාර්තා සැපයීම නිසා බවත්, ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවැන්නක් ඇති නොවීමට පියවර ගැනීමට කටයුතු කරන බවද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
