26 C
Colombo

කෙටි ආහාර වර්ග කිහිපයක මිල රුපියල් 10 කින් පහළට

Published:

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග 4ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රෝල්ස්, පරාට, බිත්තර රොටී, එළවලු රොටී යන ආහාර වර්ගවල මෙලෙස මිල අඩු කළ බවයි එම සංගමයේ සභාපති  අසේල සම්පත් සඳහන් කළේ.

එසේම ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related articles

Recent articles