26 C
Colombo

ගාලු මුවදොර පිටියේ පුද්ගල මළ සිරුරක්

Published:

කොටුව පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී පෙරේදා (28දා) කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා දියවැඩියා රෝගයට කලක සිට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර 2022 නොවැම්බර් මස 27 වැනි ඉරිදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති අතර පසුව 28 වැනි සඳුදා අලුයම නිවසින් පිටව ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

මියගිය අයගේ ඥාතීන් විසින් මළ සිරුර හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles