27 C
Colombo

ගුරු ඇඳුම ගැන අලුත්ම කතාව

Published:

ගුරු ඇඳුම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම ගුරුවරුන්ගෙන් අදහස් විමසීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, බොහෝ ගුරුවරුන් සුදුසු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට අකමැත්තක් පළ කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප්‍රකාශය හේතුවෙන් මෙම මත විමසුම සිදුකරන බවයි.

ඔන්ලයින් ක්‍රමයට මෙම මත විමසුම සිදු කරන බවද ඔහු පැවසීය.

Related articles

Recent articles