27 C
Colombo

ගුරු ඇඳුම වෙනස් නොකළ යුතුයි

Published:

රාජකාරියට පැමිණීමේදී සුදුසු පහසු ඇදුමක් ඇඳීමේ අවස්ථාව ගුරුවරියන්ටත් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එය ගුරුවරියන්ට නොගැළපෙන බව නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ පැවසූහ.

රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් 27 දින නිකුත් කර ඇති චක්‍රලේඛනය ගුරුවරුන්ට අදාළ නොවිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් උන්වහන්සේ කීහ.

තිනියාවල පාලිත හිමියන් මේ බව සඳහන් කළේ ජෝෂප් ස්ටාර්ලින් මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related articles

Recent articles