30 C
Colombo

ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස පොලිසියට නියෝග

Published:

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සිදුකළ ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේත

මෙහිදී ටපු ජනාධිපතිවරයා මිරිහාන පිහිටි නිවසේ නොමැති බවට පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර විමර්ශන සදහා හිටපු ජනාධිපතිවරයා සිටින නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

Related articles

Recent articles