32 C
Colombo

චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ තරඟ තහනමක්

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් සිදුකළ හොත් මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතර අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Related articles

Recent articles