26.6 C
Colombo

චීනයෙන් නොමිලේ ඩීසල්

Published:

චීනයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගයක් රැගත් “සුපර් ඊස්ටන්” නෞකාව මෙරටට පැමිණීම සඳහා සිංගප්පූරුවෙන් පිටත් වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ට්විටර් සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ එම නෞකාවෙන් ඩීසල් ලීටර් මිලියන10.6ක් (මෙ.ටො 9,000)ක් මෙරටට රැගෙන එන බවය.

මෙරට ගොවීන් හා ධීවරයින් සඳහා එම ඩීසල් චීනය විසින් පරිත්‍යාග කර ඇත.

නෞකාව හෙට (26) කොළඹට ළඟාවීමට නියමිත බවද චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related articles

Recent articles