චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි මෙම පරිත්‍යාගය සිදුකර ඇති අතර එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතයි.
මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙළන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
චීන රජය විසින් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන මෙම ඉන්ධන තොගය ගොවි ජනතාවට නොමිලයේම ලබා දීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.