27 C
Colombo

ජමාල් කි‍ෂෝගී ඝාතන නඩුවේ දී සෞදියේ ඔටුන්න හිමිකුමරුට විනිර්මුක්තිය

Published:

ලෝකයේ වඩාත් කතාබහකට ලක්වූ ජමාල් කි‍ෂෝගී ඝාතන නඩුවේ චූදිතයෙකු වූ සිටි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට විනිර්මුක්තිය ඇති බව අමෙරිකානු අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

අමෙරිකානු අධිකරණය විසින් පවසා ඇත්තේ ‍සල්මාන් කුමරුන් සෞදි අරාබියේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ ඔහුට මෙලෙස විනිර්මුක්තිය හිමිව ඇති බවයි.

මාධ්‍යවේදියෙකු වන ජමාල් කිෂෝගි කෲර‍ ලෙස ඝාතනය කිරීම සඳහා කුමරුන් විසින් අණ ලබාදුන් බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් සැක පළ කළ අතර පසුව ජමාල් කිෂෝගීගේ පෙම්වතිය විසින් ඒ සම්බන්ධව අමෙරිකානු අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කළා.

2018 වසරේ තුර්කියේ ඉස්තාන්බූල් හිදී ජමාල් කිෂෝගී ඝාතනයට ලක්වූ අතර ඔහු විසින් සෞදි පාලනය විවේචනය කළ නිසා ඔහුව ඝාතනය කළ බවට ලෝකයේ දැඩි කතාබහක් ඇතිව තිබුණා.

Related articles

Recent articles