ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සංශෝධිත ගාස්තු ක්‍රමවේදය අද (01) සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබාදීමට රුපියල් 200ක් ද, එක්දින සේවාව මගින් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 2,000ක මුදලක් ද අය කරන බවයි සඳහන් වන්නේ.
නැති වූ ජාතික හැදුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1,000 දක්වා ඉහළ දමා ඇති බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එසේම සංශෝධිත අනුපිටපතක් ලබා ගැනීමට රුපියල් 500 ක් හා වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව ලෙස රුපියල් 200 ක් අය කරන බවයි සඳහන් වන්නේ.