24 C
Colombo

ජැකලින්ට ඇප දීම හෙටට කල් යයි

Published:

සුකෙෂ් චන්ද්‍රශේකර් ට එරෙහිව මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය ඉන්දියානු නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ ඇප අයැදුම්පත්‍රය සළකා බැලීම සඳහා අද (10) එම නඩුව කැඳවිණ.

මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට ඉන්දීය රුපියල් 50000 ක ඇපකරයකට යටත්ව අද(10) දක්වා අතුරු ඇප ලබා දීමට දිල්ලි අධිකරණය නියෝග කළේය.

ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ නීතිඥවරුන්ගේ සහ රජයේ නීතිඥවරුන්ගේ තර්ක වලට සවන්දීමෙන් පසු විනිසුරු ශෛලේන්ද්‍ර මලික් මහතා ෆර්නැන්ඩස් මහත්මියට ඇප ලබා දෙන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශයට පත් කිරීම හෙට (11) දිනට කල් තබා ඇත.

නඩු විභාගයේදී ෆර්නැන්ඩස් මහත්මිය විමර්ශන කටයුතු සඳහා සහාය ලබා නොදෙන බවත් රටින් පිටවීමේ අවදානමක් තිබෙන බවත් මූල්‍ය අපරාධ අංශය පවසා තිබේ.

Related articles

Recent articles