26 C
Colombo

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

Published:

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එම නඩුව අද (29) කොළඹ මහාධිකරණය ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Related articles

Recent articles