24 C
Colombo

ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක පාඩුවක් සිදුවෙනවා – අමාත්‍ය ඩී. වී චානක

Published:

මේ මොහොතේ ලබාදෙන මිල ගණන් අනුව ඇතැම් ඉන්ධනවලින් රජයට පාඩුවක් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක පවසනවා.

ඒ අනුව ඩීසල් ලීටරයකින් රු 12ක පාඩුවක් සහ භූමිතෙල්වලින් රුපියල් 22ක පාඩුවක් රජයට සිදුවන බවයි අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ලංකාවට තෙල් ගැනීමේ ක්‍රමවේදයක් ඇති බවත් සිංගප්පූරු දර්ශකයට අනුව ඉන්ධන මිල ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව තෙල් මිල වැඩි කිරීමක් සිදුකර නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අවස්ථාවේ ලාභයක් තිබුණා නම් එය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles