24 C
Colombo

තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට

Published:

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාතාරගතව සිටින තිළිණි ප්‍රියමාලිව අද (03) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය මෙලෙස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඇය බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරු විසින් 2022.11.24 වන දින දක්වා කල් තැබූ බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles