26 C
Colombo

දනුෂ්ක ගුණතිලකට ඇප නියම වෙයි

Published:

ඕස්ට්‍රේලියානු තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සහා දැරීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී අත්අඩංගුවට ගැනුණා.

සිඩ්නි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් කටයුතු කළා.

පසුව දනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහු වෙනුවෙන් ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර සිටියා.

කෙසේ වෙතත් අද (17) දිනයේ ධනුෂ්ක වෙනුවෙන් නැවත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ අතර ඒ අවස්ථාවේ දී දනුෂ්ක ගුණතිලක හට ඇප ලබාදීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දනුෂ්ක හට ඕස්‍ට්‍රේලියානු ඩොලර් 150,000ක ශරීර ඇපයක් මත ඇප ලබාදී ඇති අතර රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා කාලය තුළ පිටතට ගමන් කිරීම තහනම් කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම දිනපතා පොලීසිය ඉදිරියේ පෙනී සිටිය යුතු බවත්, කිසිව අවස්ථාවක පැමිණිලිකරු සම්බන්ධ නොකරගත යුතු බවත්, ටින්ඩර් වැනි මෘදුකාංග භාවිතය තහනම් බවත් වැනි දැඩි කොන්දේසි මත මෙම ඇපය ලබාදී ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

දනුෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගාර ගතව සිටියා.

Related articles

Recent articles