29 C
Colombo

දුම්රිය පාලම් 850 ක් අබලන්

Published:

සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850 ක් පමණ මේ වන විට අබලන්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කිලෝමීටර 1500 ක් පමණ වන දුම්රිය මාර්ගයේ පිහිටි පාලම් 1375 න් පාලම් 850 ක් හෙවත් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අබලන්ව ඇති බව කී එම නිලධාරියා එම පාලම්වලින් වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රිසී පාලන සමයේ ඉදිරි කළ වසර 100 කට වඩා පැරණි ඒවා බව ද සඳහන් කළේය.

මෙම පාලම් 850 ට ඉපැරණි පාලම් රැසක් ද ඇතුළත්ව ඇති බවත් එම තව දුරටත් විනාශවීම වැලැකත්වීම සඳහා එම පාලම් මතින් දුම්රිය ධාවනයේදී ඉතාමත් අඩු වේග සීමාවක් හදුන්වාදී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Related articles

Recent articles