ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩුව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන අවස්ථාවේදී ජනමාධ්‍යවල වාර්තා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බව සිඩ්නි නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
පැමිණිලි පාර්ශවයේ නීතිඥාවරුන්ගේ ඉල්ලීමකට අනුව අධිකරණය එම මාධ්‍ය තහනම පැනවූ අතර ධනුෂ්ක සම්බන්ධ සිද්ධිය අධිකරණයේ කැඳවූ පළමු දිනයේ මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පුද්ගලයින් 50 කට අධික පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටි බව ද වාර්තා වේ.