25.7 C
Colombo

ධනුෂ්ක ගුණතිලකගේ නඩුවට වියදම් කරන්න සල්ලි තියෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Published:

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවට පසුගියදා පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසනවා.

පළමුවෙන් ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා කටයුතු කළයුතු බවත් පසුව ඔහුගෙන් පෞද්ගලික වියහියදම් පියවා ගන්නට තියෙනවා නම් එය පියවාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

එසේම ලංකා කණ්ඩායම සාද 16 කට සහභාගීවී ඇති බවට හිටපු නායක අර්ජුන රණතුංග ප්‍රකාශ කළ බවත් ක්‍රිකට් බෝඩ් එකෙන් සංවිධානය කළේ, එකක් පමණක් බවත් දෙවැනි සාදය පෙන්වන ලෙස අභියෝග කරන බවද ඔහු සඳහන් කළා.

නිදහස හරි විදියට භුක්ති වීදිම ක්‍රීඩකයින්ට යුතුකමක් ඇති බවත් එය වෘත්තිමයභාවය වන අතර එසේ කටයුතු නොකරන පිරිස් වෙත වැඩිදුරක් ගමන් කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles