ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
මේවනවිට කිසිඳු හිගයකින් තොරව ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම ධීවර ජනතාව රැඳී සිටින ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වලට භූමිතෙල් බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඇනවුම් සිදුකරන සියලු ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය භූමිතෙල් තොග මේවනවිට බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.