අභිනව අටමස්ථානාධිපති ලෙස පත් කෙරුණු වත්මන් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අද (11) නිල වශයෙන් එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.
අටමස්ථාන කාරක සභාව ගත් ඒකමතික තීරණයක් අනුව 1 වන අටමස්ථානාධිපති හිමියන් ලෙස උන්වහන්සේ එම ධූරයට තෝරා පත්කරගෙන තිබුණා.
අටමස්ථානාධිපති හිමි ලෙස කටයුතු කළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් පසුගිය දා අපවත් වීමෙන් පසු එම ධුරය පුරප්පාඩුව තිබුණා.